Privacy Policy

පොදු

ඔබේ පෞද්ගලිකත්වය අප ඉතා වැදගත් කොට සලකමු. මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියේ අරමුණ ඔබ විසින් හෙළකුරු හරහා පිරිනැමෙන යතුරුපුවරු, තොරතුරු සේවා, ගෙවීම් සේවා හා සමාජ වේදිකා වැනි හෙළකුරු නිෂ්පාදන (“නිෂ්පාදන”) භාවිතයේදී, අපගේ නිෂ්පාදනවල ජංගම දුරකථන යෙදුම් (“යෙදුම්”) හෝ වෙබ් අඩවි (“වෙබ් අඩවි”) වලට ප්‍රවේශ විමේදී හෝ ඒවා පරිශීලනයේදී අප වෙත සපයනු ලබන ඔබගේ පෞද්ගලික තොරතුරු වල රහස්‍යභාවය සහ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමයි. කෙසේනමුත්, ඔබ අපගේ නිෂ්පාදන හෝ වෙබ් අඩවි හරහා පිවිසෙන තෙවැනි පාර්ශවීය යෙදුම් හෝ වෙබ් අඩවිවලට සපයනු ලබන පෞද්ගලික තොරතුරු භාවිතය සම්බන්ධයෙන් අප වගනොකියන බව අවධාරණය කරමු. ඔබ භාවිතා කරන තෙවැනි පාර්ශවීය යෙදුම් හෝ වෙබ් අඩවිවල පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති පරික්ෂා කර බලන ලෙස ද අපි ඔබට නිර්දේශ කරමු.

පෞද්ගලික තොරතුරු ලබාගැනීම

ඔබ අපගේ නිෂ්පාදන භාවිතා කරන විට, ඔබේ පෞද්ගලිකත්වය හඳුනා ගත හැකි නම, ලිපිනය, උපන්දිනය, ඊමේල් ලිපිනය, දුරකථන අංකය වැනි තොරතුරු ඔබෙන් ඉල්ලීමට ඉඩ ඇත. එවැනි තොරතුරු ලබා දීම මඟින් ඔබ මෙම ප්‍රතිපත්තියේ සඳහන් දෑ සඳහා එම තොරතුරු භාවිතා කිරිමට එකඟ වේ. ඔබ එසේ එකඟ නොවන්නේ නම් ඕනෑම අවස්ථාවක [email protected] යන ලිපිනයට ඊමේල් පණිවිඩයක් එවීමෙන් එම එකඟත්වයෙන් බැහැර විය හැකි අතර, ඔබ ඒ පිළිබඳ අප වෙත දැනුම් දී දින 5 ක් තුළ ඔබ සැපයූ පෞද්ගලික තොරතුරු සියල්ල මුළුමනින්ම විනාශ කිරීමට අප ක්‍රියා කරනු ඇත. මෙම ප්‍රතිපත්තියේ සඳහන් පරිදි කුකී තොරතුරු, ඔබ ඉල්ලා සිටි පිටු සහ ඔබේ අන්තර්ජාල ප්‍රොටෝකෝල ලිපින අප විසින් සහ/හෝ තෙවැනි පාර්ශවයන් විසින් ඔබේ වෙබ් බ්‍රව්සරයෙන් සටහන් කරගැනීමට ඉඩ ඇත. පෞද්ගලිකත්වය හඳුනා ගත හැකි කිසිඳු තොරතුරක් ඔබේ අවසරයකින් තොරව කිසිවිට ලබා නොගැනේ.

පෞද්ගලික තොරතුරු භාවිතය

අප ඔබගේ පෞද්ගලික තොරතුරු භාවිතා කරනු ලබන්නේ ඔබගේ සේවා ඉල්ලීම් ඉටු කිරීම, වෙබ් අඩවි වල වරප්‍රසාදිත විශේෂාංග වෙත ප්‍රවේශය ලබා දීම, සේවා යාවත්කාලීනයන් ගැන ඔබ දැනුවත් කිරීම, අපගේ වෙබ් අඩවි වල ඔබ සැරිසරන විට ඔබටම පුද්ගලීකරණය වූ අත්දැකීමක් සැපයිම, අපගේ නිෂ්පාදන ඔබ භාවිතා කරන විට ඔබටම පුද්ගලීකරණය වූ සේවා අත්දැකීමක් සැපයිම, අප පිරිනමන නිෂ්පාදන හා සේවාවන් වැඩිදියුණු කිරීමට ඉඩ සලසා ගැනීම යන කරුණු සඳහායි. කලින් කලට අප වෙළඳපළ පර්යේෂණ සිදු කිරීමට ඉඩ ඇති අතර, ඔබ උනන්දුවක් දක්වනු ඇතැයි අප සිතන සේවාවන් සහ විශේෂ දීමනා පිළිබඳ විස්තර ඔබට ලැබීමට ඉඩ ඇත. ඔබ එවැනි තොරතුරු ලබා ගැනීමට අකමැති නම් [email protected] ඊමේල් ලිපිනයෙන් අප වෙත දැන්විමට හෝ අප ඔබට එවන ඊමේල් පණිවිඩ තුළම සපයා ඇති ක්‍රමවේද ඔස්සේ එවැනි තොරතුරු ලබා ගැනීමෙන් ඉවත් වීමට ඔබට හැකියාව ඇත.

පෞද්ගලික තොරතුරු අනාවරණය

අන්තර්ජාලය හරහා තොරතුරු සම්ප්‍රේෂණය පූර්ණ වශයෙන් ආරක්ෂිත නොමැති වුවද, ඔබගේ දත්ත අප වෙත ලැබුනු පසු ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අප විසින් ගත හැකි සියලු ක්‍රියාමාර්ග සහ ආරක්ෂක විශේෂාංගයන් අප අනුගමනය කරමු. අප ඔබගේ පෞද්ගලික තොරතුරු අලෙවිකරණ, වෙළඳපළ පර්යේෂණ හෝ වාණිජ අරමුණු සඳහා වෙනත් ආයතන වෙත අනාවරණය නොකරන අතර අප ඔබගේ විස්තර වෙනත් වෙබ් අඩවි වෙත යොමු නොකරමු. අධිකරණ නියෝග වැනි නීතිමය බැඳිමක් පවතින අවස්ථාවන් වලදී අපි ඔබේ තොරතුරු නීති බලධාරින් වෙත යොමු කරමු. අප ඔබගේ දත්ත ගබඩා කරනුයේ ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඇති අපගේ දුරස්ථ සර්වරවල පමණි.

කුකී දත්ත

කුකී යනු ඔබ වෙබ් අඩවියකට පිවිසෙන විට ඔබේ පරිගණකයේ හෝ ජංගම උපාංගයේ තැම්පත් වන නිර්නාමික හැඳුනුම් සහිත කුඩා දත්ත ගොනුයි. අපගේ වෙබ් අඩවි සහ නිෂ්පාදන විසින් පරිශිලකයින් සත්‍යාපනය, ඔබේ සැකසුම් සුරැකීම, ප්‍රවර්ධන කටයුතු සහ අපගේ පාරිභෝගික ප්‍රමාණයන් සහ වෙබ් තදබද රටා නිරීක්ෂණය ඇතුළු කටයුතු සඳහා කුකී භාවිතා කිරීමට ඉඩ ඇත.

තෙවැනි පාර්ශවීය දැන්වීම්කරුවන් විසින් ද කුකී සැදීම හා භාවිතා කිරීමට ඉඩ ඇති අතර ඒවා ඔවුන්ගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති වලට යටත් වේ. එවැනි තෙවන පාර්ශවයන්ගේ කුකී භාවිතා කිරීම සම්බන්ධයෙන් අපි කිසිදු වගකීමක් භාර නොගනිමු. ඔබේ පරිගණකයේ හෝ ජංගම උපාංගයේ කුකී තැබීමට ඔබ අකමැති නම්, ඒවා ඔබේ වෙබ් බ්‍රව්සරයේ අක්‍රිය කළ හැක. එසේ කිරීමට ඇති ක්‍රමවේදය සාමාන්‍යයෙන් ඔබගේ බ්‍රව්සරයේ “ආරක්ෂක සැකසුම්” කොටසේ දක්නට ලැබේ. ඔබගේ බ්‍රව්සරයේ කුකී ස්ථිර ලෙස අක්‍රීය කිරීම මඟින් අපගේ වෙබ් අඩවි මෙන්ම වෙනත් වෙබ් අඩවි සහ සේවාවන් භාවිතා කිරීමට බාධාවක් විමට ඉඩ ඇති බවද කරුණාවෙන් සලකන්න.

ආරක්ෂාව

අපගේ නිෂ්පාදන සහ වෙබ් අඩවි වල සියලු ආරක්ෂාවන් ගැන අපි බැරෑරුම්ව සලකමු. අදාළ සැම විටම, පාරිභෝගික ගිණුම් තොරතුරු ගබඩා කිරීම සහ දත්ත සම්ප්‍රේෂණය ආරක්ෂා කිරීම සඳහා අපගේ පසුබිම් පද්ධතිවල SSL තාක්ෂණයන් සහ දත්ත සංකේතන තාක්ෂණයන් භාවිතා කිරීම ඇතුළු ආරක්ෂක පියවරයන් අපි අනුගමනය කරමු. ඔබට ආරක්ෂාව පිළිබඳ වැඩිදුර විමසීම් ඇත්නම් [email protected] යන ඊමේල් ලිපිනයෙන් අපගේ පාරිභෝගික සේවා අංශයෙන් විමසිය හැක.

ප්‍රතිපත්තිමය වෙනස්කම්

මෙම ප්‍රතිපත්තියේ වෙනස්කම් වෙතොත් අපගේ මෙම වෙබ් අඩවියේ පළ කරනු ලැබේ. අපගේ නවතම රහස්‍යතා ප්‍රතිපත්තිය දැනගැනීම සඳහා අපගේ වෙබ් අඩවිය නිරන්තරයෙන් පරීක්ෂා කර බැලීමට ඔබට උපදෙස් දෙනු ලැබේ.


Helakuru Privacy Policy
© 2021 Bhasha Lanka (Pvt) Ltd

Learn more: හෙළකුරු FACTS